Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

චීනය සිදුකරන ඕනෑම ආක්‍රමණයක් හමුවේ තායිවානය වෙනුවෙන් පෙනී සිටිනවා – අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්

චීනය සිදුකරන ඕනෑම ආක්‍රමණයක් හමුවේ තායිවානය වෙනුවෙන් පෙනී සිටිනවා - අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්

චීනය සිදුකරන ඕනෑම ආක්‍රමණයක් හමුවේ තායිවානය වෙනුවෙන් පෙනී සිටිනවා - අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්

චීනය, තායිවානය ආක්‍රමණය කළහොත් ඇමෙරිකාව තායිවානයේ ආරක්ෂාවට ක්‍රියාකරන බව ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.

සීබීඑස් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇමෙරිකා ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ. ඇමෙරිකාවේ ප්‍රතිපත්ති අතීතයේ සිට මේ වනතෙක් කිසිදු වෙනස්වීමක් සිදුව නොමැති බවයි ජෝ බයිඩන් පෙන්වා දෙන්නේ. තායිවානය ආරක්ෂා කිරීමට තමා බැදී නොසිටිය ද විකල්ප බැහැර කිරීමක් සිදුනොකරන බව ඔහු පවසනවා.

පසුගිය මාසයේ දී නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව චීනය තායිවානය ආශ්‍රිත මුහුදු කලාපයේ යුද මෙහෙයුම් ආරම්භ කළා. තායිවානය චීනයට අයත් භූමි ප්‍රදේශයක් ලෙසයි ඔවුන් සලකන්නේ. ඇමෙරිකාව, තායිවානය තම සමීප මිතුරෙකු ලෙස ඇසුරු කළද චීනයේ ප්‍රතිපත්තිවලට අනුගත වෙමින් මේ වනතෙක් තායිවානය සමග රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ කර නැහැ.

Exit mobile version