Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජ්‍ය සේවකයින් අන්වාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස සඳහන් චක්‍රලේඛය නිකුත් කරයි

රාජ්‍ය සේවකයින් සඳහා දායකත්ව විශ්‍රාම අරමුදලක්

රාජ්‍ය සේවකයින් සඳහා දායකත්ව විශ්‍රාම අරමුදලක්

රාජ්‍ය නිලධාරීන් අන්වාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ්‍ය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව, අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ අධිකරණ සංවිධාන පනත මගින් හෝ නිශ්චිතව තීරණය කර ඇති අධිකරණ සේවයේ නිලධාරීන් හැර අනෙකුත් සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා මෙය අදාළ වේ.

අන්තර්කාලීන අයවැයේ රජයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා පහත දැමීමේ යෝජනාව පාර්ලිමේන්තුව සම්මත කළ අතර එය එලෙස සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි විය.

Exit mobile version