Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කාබනික පොහොර භාවිතා කරන වී ‌ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රු. 20,000ක පොහොර සහනාධාරයක්

මහ කන්නයේ වී ගොවීන් සඳහා රු. 20,000ක මූල්‍ය ආධාරයක්

මහ කන්නයේ වී ගොවීන් සඳහා රු. 20,000ක මූල්‍ය ආධාරයක්

මහ කන්නයේ දී කාබනික පොහොර භාවිතා කරන වී ‌ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රුපියල් 20,000ක පොහොර සහනාධාරයක් ලබා දීමට මුදල් කමිටුවේ අනුමැතිය හිමි වී තිබේ.

මහ කන්නයේ වී වගාවේ දී කාබනික පොහොර භාවිතා කිරීම දිරිමත් කිරීම සඳහා කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ට රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීම සඳහා වන යෝජනාව කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මුදල් කමිටුවට ඉදිරිපත් කළේය. මෙම සහනාධාරය සඳහා රජය විසින් වෙන් කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 16,000කි.

රසායනික පොහොර භාවීතා කරන වී ගොවීන්ට මෙම කන්නයේදීද රුපියල් 10,000ක මුදලකට කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මිටියක් අක්කරයක් සඳහා නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දුන් බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

එළඹෙන 2022/23 මහ කන්නයේදී සියයට 30ක් කාබනික පොහොර හා සියයට 70ක් රසායනික පොහොර යොදා වී වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබේ.

Exit mobile version