Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පාන් පිටි, බිත්තර, මස්, මාළු හිඟය හේතුවෙන් රටපුරා හෝටල් 10,000ක් වැසී ගොස්

පාන් පිටි, බිත්තර, මස්, මාළු හිඟය හේතුවෙන් රටපුරා හෝටල් 10,000ක් වැසී ගොස් - සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය

පාන් පිටි, බිත්තර, මස්, මාළු හිඟය හේතුවෙන් රටපුරා හෝටල් 10,000ක් වැසී ගොස් - සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය

රටපුරා හෝටල් 30,000න් 10,000ක් පමණ පාන් පිටි, බිත්තර, මස්, මාළු හිඟය හේතුවෙන් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

මෙයට අමතරව රජයේ ආයතන සහ පාසල්වල ආපනශාලාවලින් හරි අඩක් පමණද පාන් පිටි, බිත්තර, මස් මාළු, හිඟය හේතුවෙන් වැසී ගොස් ඇතැයි ඔහු සඳහන් කළේය.

රට පුරා රාජ්‍ය ආයතනවල ආපන ශාලා 3000ක් පමණද පාසල්වල ආපනශාලා 4600ක් පමණද ක්‍රියාත්මක විය. එමෙන්ම උත්සව සඳහා (විවාහ මංගල්‍යය දාන ගෙවල්, මළ ගෙවල් සහ පිරිත් ගෙවල්) ආහාර පාන සැපයීම් සේවාද (කේටරින්) පාන් පිටි, බිත්තර, මස්, මාළු හිඟය හේතුවෙන් සම්පූර්ණයෙන්ම පාහේ නැවතී ඇතැයි පැවසූ අසේල සම්පත් මහතා තුන පහ ඇතුළු ආහාර රස කරන ද්‍රව්‍යවල අධික මිල ගණන්ද මේ තත්වයට තවත් ප්‍රධාන හේතුවක් බව ප්‍රකාශ කළේය.

තවද ගෘහාශ්‍රිතව පාන් පිටි හා බිත්තර ආශ්‍රිතව කේක්, පුඩින්, වටලප්පන් වැනි ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කළ 60,000ක පමණ වැඩි පිරිසක්ද අමුදව්‍ය හිඟය හේතුවෙන් එම නිෂ්පාදන නැවතී මහමගට වැටී ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මේ අතර ඩොලර්වලට බලනොපාන තැඹිලි ගෙඩිය, කෙසෙල්, පලා මිටිය, පලතුරුවල හිතූ හිතූ මිල ගණන්වලට අලෙවි කරන අසාධාරණ වෙළෙද මාෆියාවක් අද රටේ ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික භාණ්ඩ පාලනයට නිශ්චිත මිල නියාමනයක් නොමැතිවීම මේ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව බවත් ඔහු සඳහන් කළේය.

යම් පුද්ගලයකු හරි හම්බ කරන මුදලට වඩා වැඩි මුදලක් ආහාර සඳහා වැය කිරීමට අද සිදුවී ඇති බව පැවසූ සම්පත් මහතා වෙළෙඳ මාෆියාවෙන් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික පනත තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද පෙන්වා දුන්නේය.

Exit mobile version