Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තුන්වෙනි චාර්ල්ස් ලෙස චාර්ල්ස් කුමරුට නිල වශයෙන් රජ කිරුළ

තුන්වෙනි චාර්ල්ස් ලෙස චාර්ල්ස් කුමරුට නිල වශයෙන් රජ කිරුළ

තුන්වෙනි චාර්ල්ස් ලෙස චාර්ල්ස් කුමරුට නිල වශයෙන් රජ කිරුළ

ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාලිගයේදී (10) චාර්ල්ස් කුමරු නිල වශයෙන් තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස කිරුළු පැළඳීමට නියමිත බව බී.බී.සී පුවත් සේවය පවසයි. කිරුළු පැළඳීමේ උත්සවය සඳහා 700ක් පමණ පිරිසකට සහභාගී වීමට අවස්ථාව ලැබෙනු ඇත.

රැජිනගේ අභාවය හේතුවෙන් බ්‍රිතාන්‍ය රජ කිරුළ චාර්ල්ස් කුමරු හට වහාම හිමිවෙන බවත් ඔහු තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස බ්‍රිතාන්‍ය කිරුළ දරන බවත් බී.බී.සී පුවත් සේවය වාර්තා කළේය.

කිරුළ චාර්ල්ස් කුමරු හට වහාම ලැබුණත් රජු ලෙස කිරුළු පැළඳීමට පෙර ප්‍රායෝගික හා සම්ප්‍රදායික පියවර ගණනාවක් සම්පුර්ණ කිරීමට තිබෙන බව බී.බී.සී පුවත් සේවය පෙන්වා දුන්නේය.

රාජාභිෂේක උත්සවයේදී, චාර්ලස් කුමරු ලෝකයා ඉදිරියේ (10) රජු ලෙස දිවුරුම් දීමට නියමිතව ඇති අතර එහිදී කැන්ටබරි අගරදගුරුතුමා සෙංකෝලය චාර්ල්ස් කුමරුට පිරිනැමීමෙන් අනතුරුව රන් ඔටුන්න චාර්ල්ස් කුමරුගේ හිස මත පළඳවමින් නිල වශයෙන් තුන්වෙනි චාර්ල්ස් රජු ලෙස චාර්ල්ස් කුමාරයාට කිරුළු පැළඳවීම සිදු කරයි.

චාර්ල්ස් කුමරු රජ වූ පමණින් ඉබේම විලියම් කුමරු හට ‘වේල්සයේ කුමාරයා‘ තනතුර නොලැබෙන බවත් එය විලියම් කුමාරයා හට පිරිනමන වාද නැද්ද යන්න තුන්වෙනි චාර්ල්ස් රජුගේ තීරණයක් බවත් බී.බී.සී පුවත් සේවය සඳහන් කළේය.

දෙවැනි එළිසබෙත් මහ රැජිණ ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාළිගයේදී (08) අභාවප්‍රාප්ත වූවාය. ඇය මෙලොවින් සමුගනිද්දී 96 හැවිරිදි වියේ පසු වූවාය. ඇය වසර 70ක් බ්‍රිතාන්‍යයේ කිරුළ දැරුවාය.

Exit mobile version