Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගෝලීය ආයු අපේක්ෂාව/ අධ්‍යාපනය හා ආදායම් පහළ ගොස් – එක්සත් ජාතීන්ගේ සංවිධානය

ගෝලීය ආයු අපේක්ෂාව/ අධ්‍යාපනය හා ආදායම් පහළ ගොස් - එක්සත් ජාතීන්ගේ සංවිධානය

ගෝලීය ආයු අපේක්ෂාව/ අධ්‍යාපනය හා ආදායම් පහළ ගොස් - එක්සත් ජාතීන්ගේ සංවිධානය

ගෝලීය ආයු අපේක්ෂාව/ අධ්‍යාපනය හා ආදායම් පහළ ගොස් ඇති බව ජගත් සංවිධානය සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

කොරෝනා වයිරස ව්‍යාප්තියත් සමග මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි ජගත් සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ. එම වාර්තාවට අනුව පසුගිය වසර දෙක තුලදී ලොව රටවල් දහයකින් නවයක්ම පසුපසට ගමන් කර ඇති බව දැක්වෙනවා. කොරෝනා වසංගත ව්‍යාප්තිය මෙන්ම රුසියාවේ යුක්රේන යුද මෙහෙයුම් හා දේශගුණික විපර්යාසද ගෝලීය සංවර්ධනය ආපස්සට හැරවීමට හේතු වී ඇති බව සදහන්.

දළ දේශීය නිෂ්පාදිතයට අමතරව ගෝලීය සංවර්ධනය මැනීම සදහා ජගත් සංවිධානයට අයත් මානව සංවර්ධන දර්ශකය 1990 වසරේදී ආරම්භ කළා. එයට අනුව පළමු ස්ථානයේ පසුවන්නේ ස්විස්ටර්ලන්තයයි. එරට ආයු අපේක්ෂාව වසර 84ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම එරට ජනතාව වසර 17 කට ආසන්න කාලයක් අධ්‍යාපන කටයුතු වෙන් කරනවා. එසේම ඇමෙරිකා ඩොලර් හැටහයදහසකට ආසන්න වැටුපක් වාර්ෂිකව ලබා ගන්නා බවද සදහන්. මානව සංවර්ධන දර්ශකයේ අවසන් ස්ථානයේ පසුවන්නේ දකුණු සුඩානයයි.

එරට ආයු අපේක්ෂාව වසර 55ක් ලෙස දැක්වෙන අතර අධ්‍යාපන කටයුතු සදහා දකුණු සුඩාන පුරවැසියන් වෙන් කරනු ලබන්නේ වසර හයකට ආසන්න කාලයක් පමණයි. එමෙන්ම දකුණු සුඩාන පුරවැසියන්ගේ වාර්ෂික ආදායම ඇමෙරිකා ඩොලර් හත්සිය හැට අටක් ලෙසද දැක්වෙනවා.

Exit mobile version