Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගල් අඟුරු ඩෙන්ඩරයට එරෙහිව ඕමල්පේ හිමිගෙන් පෙත්සමක්

2023 වසරේ ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසය වන විට විශාල විදුලි කප්පාදුවක්?

2023 වසරේ ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසය වන විට විශාල විදුලි කප්පාදුවක්?

ලක්විජය තාප බලාගාරයට ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 44.5ක් ලබාදීමට විදේශීය සමාගමට ලබාදී ඇති ටෙන්ඩරය සහිත ගිවිසුම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ඒ අනුව, මෙම පෙත්සම සම්බන්ධයෙන් දෙසතියක් තුළ සීමිත විරෝධතා ගොනු කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

නීතිඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත්තේ ලංකා කෝල් සමාගම, එහි සභාපති ජගත් පෙරේරා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය, ගල් අගුරු මිලදී ගැනීමේ අමාත්‍ය මණ්ඩල කමිටුව, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බ්ලැක්සෑන් කොම්සිටි සමාගම ඇතුළු පිරිසකි .

ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයිරාජා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

මෙම පෙත්සමේ පළමු වගඋත්තරකාර සමාගම මෙරට තාප බලාගාරවලට ගල් අගුරු සැපයීමේ ප්‍රධාන සැපයුම් කරුවන් ලෙස සිටින බවත් මෙහි අයිතියෙන් සියයට 60ක ප්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලයට හිමි බවත් පෙත්සමේ සඳහන් වෙයි.

ලක්විජය බලාගාරයට 10% ක ගල් අඟුරු මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පිහිටවනු ලැබූ බවත් මෙම ටෙන්ඩරය පෙත්සමේ 19වන වගඋත්තරකරු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමාගමට ප්‍රදානය ප්‍රදානය කර ඇති බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉකුත් 22වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු අතර මේ හේතුවෙන් ලාභදායී සහ උසස් තත්ත්වය ගල් අඟුරු ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ වාසිය අහිමිවී ඇතැයිද පෙත්සමේ සඳහන් වෙයි.

මෙම සැපයුම්කරුවා ගල් අඟුරු ටොන් එකක් ඇමරිකානු ඩොලර් 295.22 මිලට නියම කර ඇති අතර එය පවත්නා වෙළෙඳපොළ මිලට වඩා ඉතා ඉහළ අගයක් ගන්නා බවත් පෙත්සමේ සඳහන් කර ඇත.

එබැවින් මෙය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් බවත් සමස්ත ක්‍රියාවලියම නීතියට පටහැනි බවත් සඳහන් කරන පෙත්සම්කරු අදාළ ගිවිසුම බලරහිත කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

Exit mobile version