Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වරප්‍රසාද ලබා ගැනීම සදහා පාර්ලිමේන්තුව පාවිච්චි කළොත් ජනතාව රතු එළියක් දල්වනු ඇත – ඉමිතියාස් බාකිර් මාකර්

වරප්‍රසාද ලබා ගැනීම සදහා පාර්ලිමේන්තුව පාවිච්චි කළොත් ජනතාව රතු එළියක් දල්වනු ඇත - ඉමිතියාස් බාකිර් මාකර්

වරප්‍රසාද ලබා ගැනීම සදහා පාර්ලිමේන්තුව පාවිච්චි කළොත් ජනතාව රතු එළියක් දල්වනු ඇත - ඉමිතියාස් බාකිර් මාකර්

පෞද්ගලික වරදාන වරප්‍රසාද ලබා ගැනීම සදහා පාර්ලිමේන්තුව පාවිච්චි කළොත් ජනතා විශ්වාසය තවදුරටත් බිඳ වැටෙනු ඇතැයිද එසේ වුවහොත් ජනතාව රතු එළියක් දල්වනු ඇතැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පෝෂදායී ආහාර වේලක් යනු පොල් සම්බලයක් සහ බත් කටක් නොවන බවද නමුත් අද එවැනි ආහාර වේලක් හදාගන්නත් කොපමණ මුදලක් වැය වෙනවාදැයි බාකීර් මාකර් මහතා ප්‍රශ්න කළේය.

අහාර උද්ධමනය කොතරම් වැඩිවී තිබෙනවාදැයි ප්‍රශ්න කළ බාකීර් මාකර් මහතා ඒ වැඩි වීම අනුව පඩි වැඩි වී නැතැයිද කෘෂි අර්බුදය නිසා ආහාර නිෂ්පාදනය බිඳ වැටී ඇතැයිද කීය.

අර්බුදයෙන් ඊළඟ පරම්පරාව මුදා ගැනීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුව තිබෙන බවද ඉමිතියාස් බාකීර් මාකර් මහතා පැවසීය

Exit mobile version