Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් 3ක්

තමන්ව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ සාමාජිකයන් වන වෙල්වැව සිරිධම්ම හිමි සහ හෂාන් ජීවන්ත ගුණතිලක යන අය විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කවින්ද පියසේකර, ත්‍රස්ත විමර්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස්, පෑලියගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා, තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයා, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, නීතිපතිවරයා නම් කර ඇත.

ඉකුත් 18 වනදා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ලිප්ටන් වටරවුම අසල විරෝධතාවක් පැවැත්වූ අතර ඊට සහභාගි වීමෙන් පසු නිවෙස් බලා යමින් සිටියදී, පෑලියගොඩ පොලීසියේ නිලධාරීන් පිරිසක් තමන්ව අත්අඩංගුවට ගත් බව පෙත්සම්කරුවන් පවසයි.

සාධාරණ හේතුවක් නොමැතිව මෙලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බවට පෙත්සම්කරුවන් චෝදනා කළෝය.

එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙසත්, අදාළ රැඳවුම් නියෝග ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් කරන ලෙසත් පෙත්සම මගින් ඉල්ලා තිබේ.

එසේම රැඳවුම් භාරයේ පසුවන තැනැත්තන් හමුවීම සඳහා නීතිඥයින්ට අවස්ථාව දෙන ලෙස නියෝගයක් කරන ලෙසද පෙත්සම් මගින් ඉල්ලා තිබේ.

Exit mobile version