Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආදායම් බදු පැහැර හැරීම් නඩුවේ අර්ජුන ඇලෝසියස්ට ලක්ෂ 225ක ඇපයක්

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ කඩිනමින් නිශ්කාෂණය කරන්නැයි චක්‍රලේඛයක්

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ කඩිනමින් නිශ්කාෂණය කරන්නැයි චක්‍රලේඛයක්

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම මගින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් කෝටි 167ක බදු මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස් සහ ජිනේන්ද්‍ර ජෝන් යන අයවලුන් අයකුට රුපියල් ලක්ෂ 225ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. ඉලංගසිංහ මහතා (02) නියෝග කළේය.

ඒ අනුව මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ නො.309/5, මීගමු පාර, වැලිසර ලිපිනැති ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකි.

මෙලෙස පැහැර හැර ඇති ආදායම් බදු මුදල ගෙවන ආකාරය සම්බන්ධයෙන් පැමිණිල්ල සමඟ සාකච්ඡා කර ඉදිරි දිනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙසද මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට නියෝග කළේය.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව ඇති රුපියල් 1,678,795,049/= ක මුදලක් ආදායම් බදු වශයෙන් නොගෙවා පැහැර හැර ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නඩු දෙකක් අධිකරණය හමුවේ ගොනුකරනු ලැබ තිබුණේ ඉකුත් 2021 වසරේදීය.

Exit mobile version