Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අප්‍රිකානු රටකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකත්වය ලබාදිය යුතුයි – ජපානය

අප්‍රිකානු රටකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකත්වය ලබාදිය යුතුයි - ජපානය

අප්‍රිකානු රටකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකත්වය ලබාදිය යුතුයි - ජපානය

අප්‍රිකානු රටකට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකත්වය ලබාදිය යුතු බව ජපානය පවසනවා.

අප්‍රිකානු කලාපයට යුක්තිය ඉටුකිරීම සදහා මෙය ජගත් සංවිධානයට ඇති හොදම අවස්ථාව බවයි ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සදහන් කරනවා. අධික දරිද්‍රතාවයෙන් හා පීඩනයෙන් පෙළීසිටින අප්‍රිකානු ජනතාවට ඒ හරහා සහනයක් ලබාදීමට හැකිවනු ඇති බවටයි ඔහු විශ්වාසය පළකරන්නේ.

මේ අතර ඉදිරි වසර තුන ඇතුළත දී ඇමෙරිකා ඩොලර් බිලියන 30ක ආයෝජනයක් අප්‍රිකා කලාපය තුළ සිදුකිරීමට සූදානම් බව ජපාන අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළා.

ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතයි. එහි නිත්‍ය සාමාජිකයින් ලෙස ඇමෙරිකාව, රුසියාව, චීනය, ප්‍රංශය හා මහා බ්‍රිතාන්‍ය කටයුතු කරන අතර ඔවුන්ට නිශේධ බලය හිමියි. 2023/2024 වසරේ දී ජපානයට ද එම මණ්ඩලයේ සාමාජිකත්වය හිමිව තිබෙනවා.

Exit mobile version