වයස අවුරුදු 2ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යොමු වීමට අවසරය ලබා නොදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
ජූනි මස 27 වනදා අමාත්‍ය මණ්ඩලයේදී ගත් තීරණයක් අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන්ට රැකියා සඳහා විදේශගත වීම මීට පෙර තහනම් කර තිබිණි.
දරුවන් සිටින මවක විදේශ රැකියා සඳහා යොමු වීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එහිදී වයස අවුරුදු 5ට වැඩි දරුවන් සිටින අවස්ථාවලදී ඔවුන්ගේ රැකවරණයට නිවෙස් පාදක වැඩපිළිවෙළක් සකස් කළ යුතු විය.
එහෙත් අවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන් ගෘහ සේවිකාවන් ලෙස විදෙස්ගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබා දීම අනිවාර්ය කරමින් පනවා තිබූ නීතිය සංශෝධනය කිරීමට ජූනි 27වනදා කැබිනට් අනුමැතිය හිමි වූ අතර ඒ අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
චක්‍රලේඛයට අනුව, අවුරුදු 2 හෝ ඊට වැඩි දරුවන් සිටින මව්වරුන් විදෙස්ගතවීමේදී දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ අධ්‍යාපනය සැලසීමට ගෙන ඇති පියවර පිළිබඳව දිවුරුම් ප්‍රකාශයක් ග්‍රාම නිලධාරිවරයාට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබාදිය යුතු වේ.
විදෙස් සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, අදාළ චක්‍රලේඛය (19) සිට ක්‍රියාත්මක බවය.