අඹේවෙල ජලාශයට වැටී ගෝනුන් රැසක් මිය යාමට හේතුව දඩයමට පුහුණු කළ සුනඛයින් රංචුවක් බව වනජීවී නිලධාරීන් අවධාරණය කරනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් (19) වනජීවි වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියගෙන් කරුණු විමසා තිබෙනවා. මේ වනවිටත් වනජීවී නිලධාරීන් පිරිසක් අඹේවෙල වනාන්තරයට ඇතුල් වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
ඔවුන් පවසන ආකාරයට මෙම කැළයේ විසූ දඩයක්කරුවෙක් බල්ලන් සමූහයක් දඩයමට හුරු කර තිබෙනවා. එම මිනිසා මේ වනවිට මියගොස් ඇතත් කැළෑ වැදී සිටින සුනඛ රංචුව සතුන් පසුපස ලුහු බැඳ දඩයම් කරන බවයි නිලධාරීන් සඳහන් කළේ.
මේ අන්දමින් මීට පෙරද ගෝනුන් හා වෙනත් සතුන් මෙම සුනඛයින්ට බියෙන් දිවි බේරාගැනීමට වැවට පනීම නිසා මියගොස් ඇති බව සඳහන්.
කෙසේ වුවද මෙම සුනඛ රංචුව සම්බන්ධව වනජීවි නිලධාරීන් පියවරක් ගනු ඇති බව වනජීවී අමාත්‍යාංශය සඳහන් කරනවා.
හොර්ටන්තැන්න රක්ෂිතයේ සැරිසැරූ ගෝනුන්ගේ සිරුරු කිහිපයක් නානුඔය අඹේවෙල ජලාශයේ පාවෙමින් තිබියදී එම ජලාශයේ ධීවර කටයුතුවල නියැලෙන ධීවරයින් පිරිසක් විසින් සොයාගෙන තිබුණා.
ධීවරයින් පවසන්නේ සතියකට ගෝනුන් දස දෙනෙකු පමණ එලෙස මියගොස් ජලාශයේ පාවෙමින් තිබෙන බවයි.