Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වන අලි – මිනිස් ගැටුම නිසා අවුරුදු 3ට අලි මරණ 1110ක්

වන අලි – මිනිස් ගැටුම නිසා මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වගා හානිවලට අමතරව වන අලින්ගේ ජීවිත මෙන්ම මිනිස් ජීවිත ද රැසක් විනාශයට පත්ව තිබේ. පසුගිය වසර තුන තුළ වන අලි මිනිස් ගැටුම් ඉහළ ගොස් ඇත. ඒ අනුව 2019 අලි මරණ 407ක් හා මිනිස් මරණ 122ක්, 2020 වන අලි මරණ 328ක් හා මිනිස් මරණ 112ක්, 2021 දී වන අලි මරණ 375ක් හා මිනිස් මරණ 142ක් ද වශයෙන් වාර්තා වී තිබේ.

2022 වසරේ පළමු මාස 04 තුළ අලි – මිනිස් ගැටුම නිසා වන අලි මරණ 47ක් හා පුද්ගල මරණ 34ක් වාර්තා වී තිබේ. මෙම වන අලි මරණවලින් 13ක් වෙඩි තැබීම්, වන අලි මරණ 17ක් විදුලි සැර වැදීම නිසාත්, හක්ක පටස් නිසා මරණ 19ක් හා තුවාල නිසා මරණ 08ක් ද වශයෙන් වාර්තා වී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අලි – මිනිස් ගැටුම් වළක්වාලීම සම්බන්ධව සාකච්ඡාවක් (13)වැනි දා කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ලුණුගම්වෙහෙර වනජීවි කාර්යාලයේ දී පැවැත්විනි. මෙම අවස්ථාවට වනජීවි නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගි වුහ.

Exit mobile version