Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙයි

සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙයි

සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානය නිල වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාරදෙයි

ඉන්දියාවේ නවතම තිළිණයක් වූ ඩෝනියර් 228 ගුවන් යානය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සිදුවුණා.

ඩොනියර් සමුද්‍ර මුර සංචාර ගුවන් යානය ජනාධිපතිතුමාට භාර දෙනු ලැබුවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා විසින්. යානය මෙරටට රැගෙන එනු ලැබුවේ නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් එන් ගොර්මඩෙයි මහතායි. මෙම යානය ජනාදිපතිතුමා විසින් ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාව වෙත භාර දීමට කටයුතු කෙරෙනවා.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම සදහා මෙම යානය පරිත්‍යාග කරන බවයි බාග්ලේ මහතා මෙහි දී කියා සිටියේ. මෙය ඉන්දියානු සාගර කලාපයේ සහ බෙංගාල බොක්ක ආශ්‍රිත මිතුරු රටවල් වල ශක්තියට විශේෂ දායකත්වයක් ලබා දෙනු ඇති බවයි වයිස් අද්මිරාල් සතිෂ් එන් ගොර්මඩෙයි කියා සිටියේ.

Exit mobile version