Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන 6කට ශ්‍රී ලංකාව තුළ පනවා තිබූ තහනම ඉවත

ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන 6කට ශ්‍රී ලංකාව තුළ පනවා තිබූ තහනම ඉවත් කිරීමජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන 6කට ශ්‍රී ලංකාව තුළ පනවා තිබූ තහනම ඉවත් පියවර ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ පුද්ගලයින් 577ක් සහ සංවිධාන 18ක් අසාදු ලේඛන ගතකර තිබුණා. එම සංවිධාන 6ක් අසාදු ලේඛනයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවටයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දමිළ කොංග්‍රසය සහ බ්‍රිතාන්‍ය දමිළ සංසදය යන සංවිධානයි මෙලෙස අසාදු ලේඛනයෙන් ඉවත්කර තිබෙන්නේ.

Exit mobile version