Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සොරා ගත් යතුරුපැදි අපරාධවලට; පොලිසියෙන් යතුරුපැදි හිමියන්ට අනතුරු ඇගවීමක්

සොරා ගත් යතුරුපැදි අපරාධවලට; පොලිසියෙන් යතුරුපැදි හිමියන්ට අනතුරු ඇගවීමක්

සොරා ගත් යතුරුපැදි අපරාධවලට; පොලිසියෙන් යතුරුපැදි හිමියන්ට අනතුරු ඇගවීමක්

ගාල්ල, ගාල්ල වරාය, තිස්සමහාරාමය, අහුංගල්ල හා කතරගම පොලිස් වසම්වල සිදු වූ යතුරුපැදි අංක තහඩු සොරකම් කිරීම සම්බන්ධව පැමිණිලි කිහිපයක් පසුගිය දිනවල වාර්තා වී ඇතැයි පොලිසිය පවසයි.

ඒ සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන මගින් විමර්ශනය කිරීමේදී ජූලි 31 වනදා රත්ගම පොලිස් වසමේදී සිදු වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට සැකකරුවන් පැමිණ තිබූ යතුරුපැදියේ අංක තහඩු ජූලි 5 වනදා අහුංගල්ල පොලිස් වසමේදී සොරාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

එමෙන් ම, ජූනි 6 දින මිද්දෙණිය පොලිස් වසමේදී මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සඳහා සැකකරුවන් පැමිණ තිබූ මෝටර් රථයේ සවිකර අංක තහඩුද බේරුවල ප්‍රදේශයේදී සොරා ගන්නා ලද අංක තහඩු බවට අනාවරණය වී ඇත.

තවද පසුගිය සති කිහිපය තුළ වාර්තා වූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුවීම්වලට අදාළව අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විමර්ශන සිදු කිරීමේදී සැකකරුවන් පැමිණ තිබූ මෝටර් රථ හා යතුරුපැදිවල ලියාපදිංචි අංක තහඩු ව්‍යාජ ඒවා බවත් ඒවා ඉහත සඳහන් කර ඇති විවිධ ප්‍රදේශවල යතුරුපැදිවලින් සොරා ගන්නා ලද අංක තහඩු බවට නිරීක්ෂණය වී තිබේ.

මේ ආකාරයට යතුරුපැදි අංක තහඩු සොරකම් කිරීම් තවදුරටත් මෙවැනි අපරාධ සිදු කිරීමට පූර්ව සැලසුමක්ද යන්න බවට පොලිසිය සැක කරනු ලබයි.

ඒ අනුව, තම යතුරුපැදි/වාහන මාර්ගයේ හෝ වෙනත් ස්ථානවල නවතා යාමේදී විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී ඒවායේ ආරක්ෂාව පිළිබඳව වඩා සැලකිලිමත්ව සිටින ලෙස පොලිසිය ඉල්ලීමක් කර තිබේ.

Exit mobile version