Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මියන්මාරයේ හදිසි නීතිය 2023 දක්වා දීර්ඝ කරයි

මියන්මාරයේ හදිසි නීතිය 2023 දක්වා දීර්ඝ කරයි

මියන්මාරයේ හදිසි නීතිය 2023 දක්වා දීර්ඝ කරයි

මියන්මාරයට පනවා ඇති හදිසි නීතිය 2023 වසර දක්වා දීර්ඝ කිරීමට එරට හමුදා පාලනය (01) තීරණය කළා.

මියන්මාරයේ හිටපු නායක අවුන් සාන් සුචීගේ ප්‍රධානත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී රජය පෙරළා දැමීමෙන් පසු 2021 වසරේ පෙබරවාරි පළමු වනදා හමුදාව එරට පාලන බලය අත්පත් කර ගත්තා. එතැන් සිට හමුදා පාලනයට එරෙහිව රට පුරා ජනතා උද්ඝෝෂණ පැවැත්වෙන අතර උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීමට හදිසි නීතිය මෙලෙස දිර්ඝ කළ බවට චෝදනා එල්ලවනවා.

2020 වසරේ එරට පැවති මැතිවරණයෙන් අවුන් සාන් සුචීගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදය සදහා වූ ජාතික ලීගය සියයට 83ක පමණ ඉහළ ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට සමත්වුනා. එම මැතිවරණය අතිශය දූෂිත බව පවසමිනුයි හමුදාව එරට පාලන බලය අත්පත් කර ගත්තේ. ඉදිරියේදී නිදහස් හා සමාකාමී මැතිවරණයක් පවත්වන බවට එරට හමුදා ප්‍රධානියා පවසන අතර ඒ සදහා තවත් කාලය අවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Exit mobile version