Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීමට කවරෙකු හෝ සූදානම් වෙනවා නම් එය සිහිනයක් – ඉන්දික අනුරුද්ධ

රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීමට කවරෙකු හෝ සූදානම් වෙනවා නම් එය සිහිනයක් - ඉන්දික අනුරුද්ධ

රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීමට කවරෙකු හෝ සූදානම් වෙනවා නම් එය සිහිනයක් - ඉන්දික අනුරුද්ධ

රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීමට කවරෙකු හෝ සූදානම් වෙනවා නම් එය සිහිනයක් පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පැවසුවේය.

එසේම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවද පොදුජන පෙරමුණ ශක්තිමත්ව ඉදිරියේදී දේශපාලන කටයුතුවල නිරත වන බවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලගැන්වීම් කටයුතු මේ වන විටත් සාර්ථකව කරගෙන යන බවද ඒ සඳහා පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මේ වන විටත් පියවර රැසක් ගනිමින් සිටින බවද ඉන්දික අනුරුද්ධ පැවසුවේය.

තම පක්ෂය පිළිබඳව ජනතාවගේ මතය ඉදිරි මැතිවරණයකදී බලාගත හැකි බව කී මන්ත්‍රීවරයා ජනතාව තම පක්ෂය ප්‍රතික්ෂේප කරනවා නම්, එය භාර ගැනීමට පක්ෂයක් ලෙස සූදානම් බවද, තම පක්ෂයේ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිගටම ක්‍රියා කරන බවද ඔහුගේ නායකත්වය යටතේ ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට පක්ෂය කටයුතු කරන බවද ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජූලි (27) ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

Exit mobile version