Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් ශ්‍රී ලංකාවට තවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක්

තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක්

තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක්

තමිල්නාඩු ප්‍රාන්ත රජය ශ්‍රී ලංකාවට ටොන් දහසය දහසකට අධික අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් ලබාදී තිබෙනවා. එම භාණ්ඩ තොගය මෙරටට එවීම සඳහා නැව්ගතකර තිබෙනවා.

තමින්නාඩුව පසුගිය මැයි මාසයේ සිට ශ්‍රී ලංකාවට සහනාධාර වශයෙන් ටොන් හතලිස්දහසක අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මෙරටට එවනු ලැබුවා. මීට පෙර අවස්ථා දෙකකදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙරටට ලබාදුන් අතර තුන්වන අවස්ථාව ලෙසයි මෙම තොගය රැගෙන එනු ලබන්නේ. එම භාණ්ඩ ඊයේ දිනයේදී තමිල්නාඩුවේ තූත්තුකුඩි වරායෙන් නැව් ගත කල බව වාර්තා වනවා. සහල් ටොන් හතලිස් දහසක්, කිරි පිටි ටොන් පන්සීයක්, ඖෂධ ටොන් 102ක් ශ්‍රී ලංකාවට ලබා දිය යුතු බව තමින්නාඩු මහ ඇමතිවරයා මීට පෙර යෝජනා කළා.

මේ සඳහා ඉන්දීය රජය ඉන්දීය රුපියල් කෝටි 196ක්ද වෙන් කෙරුණු අතර තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඒ සඳහා ඔහුනගේ මහජන සහන අරමුදලෙන් ඉන්දීය රුපියල් කෝටි 8.2ක මුදලක් ලබාදුන්නා.

Exit mobile version