Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලොව වයස්ගතම පැන්ඩා ‘ඇන් ඇන්’ මියගිය බව වාර්තා වේ

ලොව වයස්ගතම පැන්ඩා ‘ඇන් ඇන්’ මියගිය බව වාර්තා වේ

ලොව වයස්ගතම පැන්ඩා ‘ඇන් ඇන්’ මියගිය බව වාර්තා වේ

මනුෂ්‍ය රැකවරණ යටතේ හැදී වැඩුණු ලොව වයස්ගතම පැන්ඩා ලෙස කාගේත් ආදරය දිනූ “ඇන් ඇන්” මියගිය බව වාර්තා වේ. “ඇන් ඇන්ගේ” වයස අවුරුදු 37ක් විය.

සාමාන්‍යයෙන් පැන්ඩාවකු අවුරුදු 30 පසු නොකරන බවත්, ඇන් ඇන් උපරිම ආයුෂ ලැබූ පැන්ඩකු බවත් හොංකොං සත්වෝද්‍යානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. “ඇන් ඇන්” ජීවත් වූයේ මෙම හොංකොං ඕෂන් පාර්ක් සත්වෝද්‍යානයේය.

“ඇන් ඇන්” හොංකොං වැසියන්ගේ පමණක් නොව, මුළු ලෝකයේම ආදර දිනූ යෝධ පැන්ඩාවෙකි. “ඇන් ඇන්” හොංකොං සත්වෝද්‍යානයට ගෙනැවිත් ඇත්තේ 1999 වසරේදීය.

Exit mobile version