Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ යම් වැඩිවීමක්

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ යම් වැඩිවීමක්

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ යම් වැඩිවීමක්

මෙරටින් වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ගතවූ සති දෙකක පමණ කාලයේදී වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශය මගින් ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යාලේඛන අනුවද පැහැදිලි වේ.

මෙරට කොවිඩ් වසංගත තත්වය පාලනය කිරීමෙන් පසු පසුගිය මාසය පමණ තෙක් දිනපතා වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 10කට අඩු සංඛ්‍යාවක් දක්වා පහළ ගොස් තිබුණත් මේ වන විට දිනපතා ආසාදිතයින් 15 – 25 අතර සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් ආසාදිතයන් 19ක් (14) දිනයේදී වාර්තා වී ඇති අතර 13 වැනිදා ආසාදිතයන් 23ක්, 11 වැනිදා 19ක් සහ කොවිඩ් ආසාදිත මරණ 1ක්, 10වැනිදා ආසාදිතයන් 17ක්, 9වැනිදා 21ක්, 8වැනිදා 18ක්, සහ 7 වැනිදා ආසාදිතයන් 20ක් සහ මරණයක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවල දැක්වේ.

කොවිඩ් ආසාදිතයන් 393 දෙනෙක් (14) වන විට රෝහල් සහ නිවෙස්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද එම වාර්තාවල සඳහන් වේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ මේ වන විට එහි කොවිඩ් ආසාදිතයන් 24 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

පසුගිය කාලයේ රෝහලේ ප්‍රතිකාර ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 1ත් 4ත් අතර සංඛ්‍යාවක් දක්වා පහළ ගොස් තිබූ බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් 6 දෙනෙකුට පමණද පසුගිය දිනවල කොවිඩ් ආසාදනය විය.

Exit mobile version