රට අරාජිකත්වයට පත්කරමින් ලේ විලක් බවට ගෙනයාම වහා නැවැත්වීම සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ජනතාවගේ ඉල්ලීමට හිස නමා එම ධූරවලින් ඉල්ලා අස්විය යුතු බවත්, බලලෝභීත්වයට කිසිලෙසක ආයුෂ නොමැති බව මතක තබාගෙන කටයුතු කරන්නැයි තමා පාලකයන්ට තරයේ අවධාරණය කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශ්‍රී ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු නොවූ ඛේදවාචකයක් සිදුවෙමින් පවතින බවත්, බලය හමුවේ උන්මත්තකත්වයට පත්වුණ සුළු පිරිසක් විසින් මේ රට සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට කටයුතු කරන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.