Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්දයෙන් ඇමෙරිකාවේ සහ යුරෝපා සංගමයේ ප්‍රකාශ

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්දයෙන් ඇමෙරිකාවේ සහ යුරෝපා සංගමයේ ප්‍රකාශ

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සම්බන්දයෙන් ඇමෙරිකාවේ සහ යුරෝපා සංගමයේ ප්‍රකාශ

ශ්‍රී ලාංකික ජනතාවට සෑහීමකට පත් විය හැකි දිගු කාලීන ආර්ථික සහ දේශපාලනික විසඳුම් ළඟා කර ගැනීම සඳහා ඉක්මණින් කටයුතු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය.

එක් දේශපාලන පක්ෂයක අභිවෘද්ධිය සඳහා නොව ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා මේ අවස්ථාවේ කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

ශ්‍රී ලාංකික ජනතාවට සෑහීමකට පත්විය හැකි දිගු කාලීන ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගත හැකි විසඳුම් ඉක්මණින් හඳුනා ගනිමින් ක්‍රියාත්මක කරන ලෙස මෙම රජයෙන් හෝ ව්‍යවස්ථානුකූලව පත්වන නව රජයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය ඉල්ලා සිටින බව එම ප්‍රකාශයේ සඳහන් වේ.

ඇමෙරිකා එකසත් ජනපදය විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට පහරදීම පිළිබඳ අප්‍රසාදය පළ කළ අතර සෙනසුරාදා විරෝධතාවයේදී ඇති වූ ප්‍රචණ්ඩත්වය විවේචනය කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ප්‍රජාත්නත්‍රවාදී, සාමකාමී බල හුවමාරුවකට අවධානය යොමු කළ යුතු බවත් ඒ සඳහා සහයෝගය ලබා දෙන ලෙසත් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ උද්ගත වී ඇති තත්ත්වයට විසඳුමක් ලබාගැනීමට මාර්ගය සකස් කරමින් ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම සියලු දේශපාලන පක්ෂ නායකයින්ගේ වගකීමක් බව එම සටහනේ දැක්වේ.

ශ්‍රී ලංකා ජනතාවට ලබාදෙන සහාය ඉහළ දැමීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සොයා බලමින් සිටින බව එම සටහනේ වැඩි දුරටත් සඳහන් වේ.

Exit mobile version