Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ආරක්ෂක නිෂ්කාශනය ලැබුණු පුද්ගලයින්ට සෑම සතියකම සඳුදා දිනයේදී ද්විත්ව පුරවැසිභාවය

ආරක්ෂක නිෂ්කාශනය ලැබුණු පුද්ගලයින්ට සෑම සතියකම සඳුදා දිනයේදී ද්විත්ව පුරවැසිභාවය

ආරක්ෂක නිෂ්කාශනය ලැබුණු පුද්ගලයින්ට සෑම සතියකම සඳුදා දිනයේදී ද්විත්ව පුරවැසිභාවය

මෙරට ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයදුම්කර තිබුණු පුද්ගලයින් 760 දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කර ඇත.

මෙරට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාදයෙන් තොරව සිදුකිරීම සඳහා විශේෂ ප්‍රතිපත්තිමය තීරණයකට එළඹුණු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව ආරක්ෂක නිෂ්කාශනය (security clearance) ලැබුණු පුද්ගලයින්ට මින් ඉදිරියට සෑම සතියකම සඳුදා දිනයේදී ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට නියමිතය. ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිෂ්කාශනය ලැබුණු අයෙකුට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමට දීර්ඝ ප්‍රමාදයන් ඇතිවීම මෙහිදී වැළැක්වෙනු ඇති අතර නිෂ්කාශනය ලැබුණු අයෙකුට ද්විත්ව පුරවැසිභාවය ලැබීමට උපරිම ලෙස ගතවිය හැක්කේ දින 6ක් පමණි.

Exit mobile version