Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

2021 උසස් පෙළ ප්‍රතිඵල අගොස්තුවේ; මෙම වසරේ උසස් පෙළ විභාගය මසකින් කල් යයි – අධ්‍යාපන අමාත්‍ය

2024 දී පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම

2024 දී පවතින අධ්‍යාපන ක්‍රමයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක්ම

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගොස්තු මස 15වන දින නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ජූලි (04) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම වසරේ උසස් පෙළ විභාගය නොවැම්බර් මස පැවැත්වීමට කටයුතු යොදා තිබුණද එය මසකින් පමණ කල්ගත වන බවද එහිදී අමාත්‍යවරයා පැවසීය.

“මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ තමා උසස් පෙළ විභාගය තියෙන්නේ. මාසයකින් විතර කල් යනවා. ප්‍රතිඵල නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ අගෝස්තු 15වනදා. නිකුත් කරලා මාස තුනකට පස්සේ තමා ඊළඟ විභාගය තියන්න වෙන්නේ. නැත්නම් දරුවන්ට සූදානම් වෙන්න අවශ්‍යයි.”

2021 වසරේ පැවැත්වීම නියමිතව තිබූ උසස් පෙළ විභාගය මෙම වසරේ පෙබරවාරි මස 7වනදා සිට පැවැත්වුණු අතර ඒ සඳහා සිසුහු 345,242 දෙනෙකු මධ්‍යස්ථාන 2,438කදී විභාගය සඳහා පෙනී සිටියහ.

Exit mobile version