Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලංකාවට IMF ණය ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකා සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවෙන් නිවේදනයක්

ලංකාවට IMF ණය ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකා සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවෙන් නිවේදනයක්

ලංකාවට IMF ණය ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකා සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවට ණය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කොන්දේසී කිහිපයක් නිකුත් කර ඇති බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ලබාදීම සම්බන්ධයෙන් ඇමෙරිකා සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් සඳහන් කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ යම්කිසි එකඟතාවකට ක්ෂේත්‍ර තුනක් ඔස්සේ පැමිණිය යුතු බවයි. මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම, දූෂණ මැඩලීම සඳහා ශක්තිමත් පියවර ගැනීම සහ නීතියේ ආදිපත්‍ය සුරකීම යන කරුණු සම්පූර්ණ කරන්නේ නම් පමණක් එකඟතාවන්ට පැමිණිය යුතු බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එම අත්‍යාවශ්‍ය පියවර නොගතහොත් ශ්‍රී ලංකාව තවදුරටත් දුර්වල ආර්ථික කළමනාකරණයෙන් සහ පාලනය කරගත නොහැකිව ණය බරින් පීඩා විදිනු ඇති බව ඇමරිකාවේ සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව පෙන්වා දෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නව වැඩපිළිවෙලේ අරමුණ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය යළි ස්ථාවර කිරීම මෙන්ම දූෂණ අවධානම මැඩලීම සඳහා නව ප්‍රතිසංස්කරණ එක් කිරීම බව ඇමරිකා සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුව වැඩිදුරටත් සඳහන් කරනවා.

Exit mobile version