රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන බහුදින යාත්‍රාවලින් නීති විරෝධිව ඕස්ට්‍රේලියාවට මිනිසුන් ගෙන යන ජාවාරම්කරුවන් සියයකට ආසන්න පිරිසක් ගැන රහස් පොලිසිය මේ වන විට සොයා බලමින් සිටින බව වාර්තා වෙයි.
මේ ජාවාරම්කරුවන්ට හසුවී රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවා ඕස්ට්‍රේලියාවට යාමට තැත් කළ පන්සියයකට වැඩි පිරිසක් පසුගිය මාස 06 දී නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබිණි. මේ අය අතර උතුරු පළාත, හලාවත සහ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් සිටි බවද වාර්තා වේ. මේ මිනිස් ජාවාරම්වලට සම්බන්ධව සිටින පුද්ගලයන් එක් අයකුගෙන් රුපියල් ලක්ෂ ගණන් මුදල් ලබා ගන්නා බවද හෙළිවී තිබේ. මෙලෙස නීති විරෝධිව විදේශගත වීමට යද්දි අත්අඩංගුවට ගැණුනු පුද්ගලයන් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනය සිදු කරගෙන යනු ලබයි.