Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සුරාබදු වැටලීම් 12,313කින් දඩ මුදල් ලෙස රුපියල් 52,990,370ක මුදලක්

නිදහස වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් වැසෙයි

නිදහස වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් වැසෙයි

මේ වර්ෂයේ ගතවූ මාස හය තුළදී සුරාබදු දෙපාර්තමේන්තුව විසින් වැටලීම් 12,313ක් සිදු කිරීමට සමත් වී ඇතැයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසයි.

එම වැටලීම්වලදී පුද්ගලයන් 10,432ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට කාන්තාවන් 1881ක් වන අතර අත්අඩංගුවට ගන්නා ලද නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 200 ඉක්මවන බවත් ඔහු පවසයි.

එසේම අත්අඩංගුවට ගත් අයවලුන් සුරා, මත්ද්‍රව්‍ය හා දුම්කොළ අපරාධ ඔස්සේ අධිකරණයේ නඩු පැවැරීමෙන් දඩ මුදල් ලෙස රුපියල් 52,990,370ක මුදලක්ද අයකරගෙන ඇති බවත් හෙතෙම පැවැසීය.

Exit mobile version