Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය 667දෙනා දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය 667දෙනා දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය 667දෙනා දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය 667 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

රැඳවූවකු මිය යාමත් සමඟ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය 28වනදා රාත්‍රී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුනා. ඒ වන විට මෙම මධ්‍යස්ථානයේ රැදවූවන් 998 දෙනෙකු රැඳී සිටියා. උද්ගතවූ තත්ත්වය හමුවේ 886 දෙනෙකු අවස්ථා දෙකකදී මෙම මධ්‍යස්ථානයෙන් පළාගියා. ඒ අතුරින් 667දෙනෙකු යළි අත්අඩංගුවට ගැනුණා. 270 දෙනෙකු කඳවුරේම රැඳී සිටියා. තවදුරටත් අතුරුදන්ව සිටින පිරිස සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ රාජපක්ෂ යනුවෙන් හදුන්වන පුනරුත්ථාපනය වෙමින් සිටි අයෙක්. මෙම මරණකරුගේ නමින් තවත් රැදවූවන් 14 දෙනෙකු සිටින බැවින් ඔවුන් සියලු දෙනාගේ ඡායාරූප වැලිකන්ද පොලිසියට ගෙන්වා ගනිමින් අනන්‍යතාව හෙළිකර ගැනීමේ කාර්යය සිදු කෙරුණා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය 667 දෙනා පොලිස් නිලධාරීන්ට භාර දීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඔවුන් ලබන 14වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි පොලොන්නරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. (01) දහවල් පළායමින් සිටි තවත් 5දෙනෙකු බකමුණ ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගත්තා.

Exit mobile version