Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නොකෙරෙන දේවල්වලට අනුශාසනා කිරීමෙන් ඵලක් නෑ – අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියෝ

නොකෙරෙන දේවල්වලට අනුශාසනා කිරීමෙන් ඵලක් නෑ - අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියෝ

නොකෙරෙන දේවල්වලට අනුශාසනා කිරීමෙන් ඵලක් නෑ - අස්ගිරි පාර්ශවයේ මහ නාහිමියෝ

පවත්වා ගෙන ගිය ක්‍රමය යටතේ තවදුරටත් රට පාලනය කළහොත් බරපතළ අගාධයකට රට ගමන් කරන බව මහ සංඝරත්නය නිරන්තරව ප්‍රකාශ කළත් පාලකයින් ඊට ඇහුම්කන් නොදුන් බව අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමියෝ පවසති.

නොකෙරෙන දේවල්වලට අනුශාසනා කිරීමෙන් ඵලක් නොමැති බව තේරුම් ගත් රටේ භික්ෂූන්වහන්සේලා දැන් විශාල කළකිරීමකට පත්ව සිටින බවද උන්වහන්සේ කීහ. රටත් ජනතාවත් මෙතරම් අසීරුතාවකට පත්ව තිබෙන්නේ, පාලකයින්ට මහා සංඝරත්නය ලබාදුන් අවවාද හා අනුශාසනා නොතකා හැරීම නිසා යැයිද මහනාහිමියෝ පැවසූහ.

අස්ගිරි මහ නාහිමියන් එසේ පැවසුවේ, මහනුවර මඩවල ශ්‍රී ජිනමංගලාරාමාධිපති පූජ්‍ය ලියන්වල ශාසනරතන නාහිමියන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් ජූනි (28) පැවති උත්සවයකදීය.

බුදුන් වැඳ දෙවියන්ට පිං දී රට බේරා දෙන ලෙස ඉල්ලනවා හැර ඒ සම්බන්ධව කළ හැකි වෙනත් කිසිවක් නැති බවද මහ නාහිමියෝ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, විදේශ ආක්‍රමණ හමුවේ පවා රට එදා සිට මේ දක්වා ආරක්ෂාවී පැවතුනේ දෙවියන්ගේ ආශිර්වාදය සහ පිහිට රටට ලැබුණු නිසා බවත් ඒ ආකාරයෙන්ම හෙට දිනයේත් රටේ ආරක්ෂාව තහවුරු වනු ඇතැයි විශ්වාසය තැබිය හැකි බවත්ය.

Exit mobile version