ඖෂධ හිඟය හේතුවෙන් සොයාගැනීමට අපහසු ඖෂධ පිළිබද තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසනවා.
සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගංකන්ද මහතා පැවසුවේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය ඖෂධ නොමැති අවස්ථාවලදී එම ඖෂධ සොයා ගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සුවසැරිය තොරතුරු සේවයේ 1999 අංකය අමතන ලෙසයි. පවතින ඩොලර් අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය ඖෂධ රැසක් රජයේ රෝහල්වල මෙන්ම පෞද්ගලික ඔසුසැල්වල ද නොමැති බවට සෞඛ්‍ය අංශ වාර්තා කරනවා. එම තත්ත්වය හමුවේ අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර 045 22 75 636 හෝ 077 19 77 177 යන වට්ස් ඇප් අංක ඇමතීමෙන්ද ඖෂද පිළිබද තොරතුරු ලබාගත හැකියි.