Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයවල සේවක නිවාඩු අත්හිටුවයි

කෘෂිකර්ම ඇමතිගෙන් ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක්

කෘෂිකර්ම ඇමතිගෙන් ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක්

යූරියා පොහොර බෙදා හැරීමේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් සියලු ආයතනයවල සේවක නිවාඩු ජූලි 06 සිට අත්හිටුවීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන යූරියා මෙට්‍රික් ටොන් 65,000 කින් සමන්විත පොහොර නැව ජූලි මස 06 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය. එම පොහොර තොගය ගොවි ජනතාව වෙත කඩිනමින් බෙදා හැරීම සඳහා සියලු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා (24) කෘෂිකර්ම ලේකම් රෝහණ පුෂ්කුමාර මහතාට උපදෙස් දුන්නේය.

යූරියා පොහොර නැව ගොඩබෑමෙන් පසුව දිවයින පුරා පිහිටි ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කෙරේ.එම කටයුතු ජූලි 07 දින සිට ජූලි 15 දක්වා සිදු කෙරෙන අතර එ් කටයුතු වෙනුවෙන් අදාළ කාලයේ දී කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලංකා පොහොර සමාගම, කොමර්ෂල් පොහොර සමාගම යනාදී ආයතනවල සියලු කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කර ඇත.

Exit mobile version