Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනතාව පත්ව ඇති පීඩනය හේතුවෙන් රට තුළ සිවිල් යුද්ධයක් ඇති විය හැකී – වාසුදේව නානායක්කාර

පක්‍ෂ දහයේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක්

පක්‍ෂ දහයේ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එරෙහිව පුළුල් පෙරමුණක්

ජනතාව පත්ව ඇති පීඩනය හේතුවෙන් රට තුළ සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත් ප්‍රශ්න තව දුරටත් පැවතුණහොත් ජනතා පැහැරගැනීමට පෙළමීමත් ආණ්ඩුව එය පාලන කිරීමත් සමඟ සිවිල් යුද්ධයක් නිර්මාණය වියහැකි බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා (23) පැවසීය.

රුසියාවෙන් ඉන්ධන සහ පොහොර ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අවස්ථාවක් ඉල්ලමින් යොමු කළ ලිපියට කිසිඳු ප්‍රතිචාරයක් නොමැති බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බකන්නිලාගෙන නොසිට ගැටලුවට උත්තර දියයුතු බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කළ යුත්තේ විපක්‍ෂයේ මන්ත්‍රීවරයකුට ඉන්ධන ගෙවීමේ වගකීම බාරනොදී වාහාම රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීම බවත් වාසුදේව නානායක්කාර මහතා කීය.

ජපානය, චීනය සහ ඉන්දියාව ඒකාබද්ධ ඉදිරියේදී ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට සූදානම් වන බව කී නානායක්කාර මහතා එම කණ්ඩායමට රුසියාව එකතු කරගත හැකි බව සඳහන් කළේය.

රුසියාව සතුව ඉන්ධන, පොහොර සහ ගෑස් තිබීමත් ඔවුන් ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමට සූදානම් බවත් ඇමරිකාවේ වලිගය වන අයි.එම්.එෆ්. නිසා ශ්‍රී ලංකාව රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට බියට පත්ව සිටින බව කී නානායක්කාර මහතා පැවසුවේ තව දුරටත් ආණ්ඩුවේ වගකීම් විරහිතව කටයුතු කළ හොත් ජනතාවගේ ඉවසීම ඉක්මවා යනු ඇති බවත්ය.

Exit mobile version