Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මියන්මාරය, මැලේසියාව, වියට්නාමය, තායිලන්තය සහ ඉන්දුනිසියාව යන රටවල තානාපතිවරුන් ජනපති හමු වෙයි

මියන්මාරය, මැලේසියාව, වියට්නාමය, තායිලන්තය සහ ඉන්දුනිසියාව යන රටවල තානාපතිවරුන් ජනපති හමු වෙයි

මියන්මාරය, මැලේසියාව, වියට්නාමය, තායිලන්තය සහ ඉන්දුනිසියාව යන රටවල තානාපතිවරුන් ජනපති හමු වෙයි

අග්නිදිග ආසියානු කලාපයට අයත් රටවල තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබේ.
ඒ, (22) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදීය.

වත්මන් ආර්ථික අර්බුදය විසඳා ගැනීමට අග්නිදිග ආසියානු කලාපයේ රටවලින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහය ජනාධිපතිතුමා ඇගයීමට ලක් කළේය.
ශ්‍රී ලංකාව හා කලාපයේ රටවල් අතර සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය, ආයෝජන අවස්ථා, කෘෂිකර්මාන්තය නගා සිටුවීම, අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ ජනාධිපතිතුමා එහිදී දූත මණ්ඩල ප්‍රධානීන් දැනුම්වත් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ක්ෂේත්‍ර ගණනාවකින් අග්නිදිග ආසියානු කලාපයේ රටවලට මෙරටින් අපනයන කළ හැකි ද්‍රව්‍ය හා භාණ්ඩ පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවය.

මියන්මාරය, මැලේසියාව, වියට්නාමය, තායිලන්තය සහ ඉන්දුනිසියාව යන රටවල තානාපතිවරුන් එම සාකච්ඡාවට එක් විය.

Exit mobile version