Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“ඔබේ සැමියා ඝාතනය කරන්නේ කෙසේද?”පොතේ කතෘ, සැමියා ඝාතනය කර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබයි

"ඔබේ සැමියා ඝාතනය කරන්නේ කෙසේද?"පොතේ කතෘ, සැමියා ඝාතනය කර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබයි

"ඔබේ සැමියා ඝාතනය කරන්නේ කෙසේද?"පොතේ කතෘ, සැමියා ඝාතනය කර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබයි

‘ඔබේ සැමියා ඝාතනය කරන්නේ කෙසේද?‘ නමින් පොතක් ලියා පළ කිරීමෙන් පසු සිය සැමියා වෙඩි තබා ඝාතනය කළ අමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ නවකතා රචිකාවක වන නැන්සි ක්‍රැම්ප්ටන් බ්‍රෝෆි නමැති කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

71 හැවිරිදි මේ නවකතාකාරිනිය වසර 2018 දී සිය සැමියා වූ ඩැනියෙල් බ්‍රෝෆි වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඔහුගේ ඩොලර් මිලියන 1.5ක රක්ෂණ වන්දිය ලබා ගැනීමේ චේතනාවෙන් බවට පසුගියදා ඔරිගන් උසාවියකදී ජූරි සභාව ඒකමතිකව තීන්දු කර ඇත. සැමියා ඝාතනය කිරීමට පෙර ඇය විසින් රචිත එම ග්‍රන්ථය නඩු විභාගය සඳහා පිළිගත් සාක්ෂියක් බවට පත් වී ඇති අතර, සැමියා ඝාතනය කිරීමේ ක්‍රම කිහිපයක්ද එම ග්‍රන්ථය මගින් ඇය පාඨකයා දැනුම්වත් කර ඇතැයි අනාවරණය වී තිබේ. ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූවද, ඇගේ වයස සැලකිල්ලට ගනිමින් වසර 25කට පසු ඇගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ඇයට නිදහස් වීමේ අවස්ථාව ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවත් නඩු තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරිමට ඇගේ නීතිඥයන් කටයුතු කරන බව බීබීසී පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

Exit mobile version