Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉදිරි කාලයේදී ලාංකීය ජනගහනයෙන් ලක්ෂ 40 – 50 අතර පිරිසකට ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

ආහාර අර්බුදය හමුවේ කිසිවෙකු බඩගින්නේ නොතැබීම තමාගේ ප්‍රතිපත්තිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද පෙරවරුවේ ආහාර සුරක්ෂිතතතාව පිළිබඳව වූ කමිටුව අගමැති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී අගමැතිවරයා ප්‍රකාශ කළේ, ඉදිරි කාලයේදී ලාංකීය ජනගහනයෙන් ලක්ෂ 40ත් 50ත් අතර පිරිසකට මෙම ආහාර අර්බුදය සෘජුව බලපෑ හැකි වුවත් එය පාලනය කර ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන බවය.

මෙහිදී විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන මෙන් අගමැතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

මෙම ආහාර අර්බුදයට සාර්ථකව මුහුණදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලෙස ත්, එයට අමාත්‍ය නිමල් සිරිපාල, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ජනාධිපති කාර්යාලය, මුදල් අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, යුද හමුදාව, පෞද්ගලික අංශය ඇතුළු අදාළ ආයතනවල නියෝජිතයින් එක් කරන ලෙසත් අගමැතිවරයා දන්වා සිටියේය.

මෙම කමිටුව විසින් සකස් කරන ලද සැලසුම සති 02ක් තුළ තමාට අවශ්‍ය බවත්, අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 336 සංවර්ධනය කර ඉලක්ක කරා ගෙන යාමට නායකත්වය සැපයීම සඳහා කොට්ඨාස 225ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් ඉතිරි කොටස අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු ඉහළ නිලධාරීන්ටත්, පෞද්ගලික අංශයටත් භාර දිය යුතු බව අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Exit mobile version