Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඩයස්පෝරා ප්‍රජාව සමග සහ සිවිල් සමාජ සංවිධාන සමග සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව විවෘතයි – විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්

ඩයස්පෝරා ප්‍රජාව සමග සහ සිවිල් සමාජ සංවිධාන සමග සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව විවෘතයි - විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්

ඩයස්පෝරා ප්‍රජාව සමග සහ සිවිල් සමාජ සංවිධාන සමග සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව විවෘතයි - විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්

ඩයස්පෝරා ප්‍රජාව සමග සහ රටේ යහපැවැත්ම සඳහා කැපවී සිටින සිවිල් සමාජ සංවිධාන සමග සම්බන්ධ වීම සඳහා ශ්‍රී ලංකාව විවෘතව පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ජූනි (13) ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 50වන සැසිවාරය අමතමිනි.

පසුගිය සති කිහිපයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් බැරෑරුම් සමාජමය හා ආර්ථික තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව අවබෝධයෙන් සිටින බව ඔහු එහිදී සඳහන් කර ඇත.

වසංගතය ඇතුළුව දැනට පවතින ගෝලීය අර්බුදය හමුවේ මෙම තත්ත්වය වඩාත් උග්‍ර වී ඇති අතර විරෝධතාවල අවධානය ආර්ථික සහන සහ ආයතනික ප්‍රතිසංස්කරණ සඳහා වන ඉල්ලීමවලින් සමන්විත බවද ඔහු ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, මෙම අභියෝග හඳුනා ගනිමින් සහ සියල්ල ඇතුළත් කර ගනිමින් ඉදිරියට යාමේදී තරුණ තරුණියන්ගේ අභිලාෂයන්ට අවනත වීම ඉතා වැදගත් බවය.

Exit mobile version