Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මත්කාරක ගුලිවර්ග භාවිතයට තරුණ පිරිස මෙන්ම පාසල් සිසුන්ට යොමුවීමේ ඉහළ ප්‍රවණතාවක් – මහාචාර්ය ඥානදාස පෙරේරා

මත්කාරක ගුලිවර්ග භාවිතයට තරුණ පිරිස මෙන්ම පාසල් සිසුන්ට යොමුවීමේ ඉහළ ප්‍රවණතාවක් - මහාචාර්ය ඥානදාස පෙරේරා

මත්කාරක ගුලිවර්ග භාවිතයට තරුණ පිරිස මෙන්ම පාසල් සිසුන්ට යොමුවීමේ ඉහළ ප්‍රවණතාවක් - මහාචාර්ය ඥානදාස පෙරේරා

මත්කාරක ගුලිවර්ග භාවිතයට තරුණ පිරිස මෙන්ම පාසල් සිසුන්ට යොමුවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇතැයි ද එය පාලනය කිරීමට ඉක්මන් පියවරක් නොගතහොත් රටට බරපතළ සෞඛ්‍ය ප්‍රශ්න ඇති විය හැකි යැයිද මානසික සෞඛ්‍ය පදනමේ සභාපති සහ ශ්‍රී ජවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා පැවසීය.

මත්ගුලි භාවිතය වැඩිවීමෙන් මානසික විකෘතින් සහිත ප්‍රජාවක් බිහිවීමේ දැඩි අවදානමක් පවතින බවද කොළඹදී ඉකුත්දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහාචාර්ය ඥානදාස පෙරේරා මහතා කීවේය.

මත්ගුලි භාවිතය ඉහළ යෑම සමඟ සමාජ ආර්ථික පීඩනය වැඩිවෙනවා. නීත්‍යානුකූල මත්පැන්වල මිල ඉහළ යාමත් මෙවැනි දේ භාවිතයට හේතුවක්. මත්ගුලි මිල අඩු මත් ආදේශයක්. මේ නිසා සිද්ධ වෙන්නේ මානසික විකෘතීන් සහිත ප්‍රජාවක් බිහිවීමයි.

මෙවැනි ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරන පුද්ගලයකු හැටියට අප මේ තත්ත්වය තුළින් සමාජයට සිදුවන නරක ප්‍රතිඵල අත්දැක තිබෙනවා. මත්ගුලි භාවිතයෙන් සමාජයේ යහපැවැත්ම නැති වෙනවා. මේ නිසා මානසික විකෘතිතා ඇති රෝගීන් ශීඝ්‍රයෙන් වැඩිවේවි. මත්ගුලිවලට නියාමනයක් අවශ්‍යයි. දැනට ලංකාවේ තිබෙන නියාමනය ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. ඇත්තටම මත්ගුලිවලට ලංකාවේ නියාමනයක් නැති තරම්.

Exit mobile version