Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම තවත් ප්‍රමාද කරයි; ඉදිරි දින කීපයකින් ගෑස් සපයන බව ලාෆ්ස් පවසයි

ගෑස් මිළ පහළට

ගෑස් මිළ පහළට

ගෑස් බෙදා හැරීමේ කටයුතු තවත් ප්‍රමාද වනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඒ අනුව, මැයි 27 සහ මැයි 28 දිනවල ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස එම සමාගම ජනතාවට දනුම් දුන්නේය.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මැයි (26) මෙරටට පැමිණීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 3,500ක ගෑස් රැගත් නෞකා දෙක පැමිණීම දින දෙකකින් ප්‍රමාද වීම ඊට හේතුව බවය. ගෑස් තොග අවසන්වීම හේතුවෙන් ලිට්‍රෝ සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩර් බෙදාහැරීම අත්හිටුවූයේ මැයි 24 වනදාය.

මැයි 23 වනදා ගෑස් මෙට්‍රික් ටොන් 3,500ක් අඩංගු නෞකා දෙකකට අමෙරිකානු ඩොලර් මිලියන 6.5ක් ගෙවීමට ලිට්‍රෝ ගෑස් සමාගම කටයුතු කර තිබුණු අතර එම ගෑස් තොග මැයි (26) මෙරටට ලැබීමට නියමිතව තිබිණි. ඒ අනුව, මැයි 26 වනදා සිට ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කරන බව එම සමාගම මීට පෙර පවසා තිබිණි.

මේ අතර, ඉදිරි දින 6 ඇතුළත දේශීය වෙළෙඳපොළට ගෑස් සිලින්ඩර සැපයීම ආරම්භ කරන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පැවසුවේ, සමාගමට අවශ්‍ය ණයවර ලිපි (LoC) විවෘත කිරීමට හැකි වී ඇති බවය. එහි ප්‍රතිඵලයක් ලෙස ලාෆ්ස් ගෑස් සමාගමට දේශීය වෙළෙඳපොළට නැවත ගෑස් සිලින්ඩර් නිකුත් කිරීමට හැකි බව ඔහු පැවසීය.

ණයවර ලිපි විවෘත කිරීමේදී පැවති ගැටලු හේතුවෙන්, ලාෆ්ස් සමාගමට දීර්ඝ කාලයක් ගෑස් බෙදා හැරීම අත්හිටුවීමට සිදු විය. එමගින් පාරිභෝගිකයින් සැලකිය යුතු සංඛ්‍යාවකට බලපෑම් එල්ල විය.

Exit mobile version