Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

“මන්කි පොක්ස්” රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නෑ – ආචාර්ය චන්දිම ජීවන්දර

රටවල් 63කින් වාර්තා වී ඇති "BA5" නව කෙරෝනා වෛරස ප්‍රභේදයක්

රටවල් 63කින් වාර්තා වී ඇති "BA5" නව කෙරෝනා වෛරස ප්‍රභේදයක්

රටවල් කිහිපයක මේ වනවිට පැතිර යමින් පවතින ‘මන්කි පොක්ස්‘ හෙවත් වඳුරු උණ රෝගය පිළිබඳ අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

රෝගය පිළිබඳ මෙරටදී පරීක්ෂාවන් සිදුකරගැනීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සම්පූර්ණ කිරීමට හැකිවනු ඇතැයි ඔහු සදහන් කළේය.

රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නැතැයි ඔහු පැවසීය.

‘මන්කි පොක්ස්‘ නමැති වෛරස් ප්‍රභේදය ප්‍රථමයෙන් වාර්තා වූයේ, අප්‍රිකානු රටවල් ආශ්‍රිතවය. පසුගිය මැයි මස 13 වැනිදා සිට 22 දක්වා ගෙවුණු දින කිහිපය තුළ වාර්තා වූ රෝගීන් 92 දෙදෙනා හමුවූයේ, අමෙරිකාව, කැනඩාව, ඕස්ට්‍රේලියාව, යුරෝපය, එංගලන්තය වැනි රටවලිනි.

වඳුරු උණ රෝගය ඉතා දුර්ලභ ඝනයේ රෝගයක් වුවද එය වැළදීමෙන් මරණීය සංකූලතා ඇති නොවන බවද විශේෂඥයන් පවසයි. මෙහි රෝග ලක්ෂණ ලෙස අධික උණ, මස්පිඩු වේදනාව, දද සහ කුෂ්ට ඇතිවීම දැක්විය හැකිය. මෙය පැතිර යන්නේ ස්පර්ශය, දාඩිය සහ කෙලබිදිති මගින් බව එම විශේෂඥයන් පෙන්වාදෙයි.

මෙම උණ වසංගතය පිළිබඳව පරීක්ෂණ සහ රෝග විනිශ්චයන් සිදුකිරිමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පහසුකම් පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය. එම විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා සහ ශෛල ජෛව විද්‍යායතනයෙන් අදාළ පරීක්ෂාවන් සිදුකරගැනීමට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය ලබන සතිය වනවිට ලැබීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version