Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඉන්ධන අර්බුදය නිසා පාරිභෝගිකයන්ට දරාගත නොහැකි ලෙස එළවළු සහ මාළු මිල ඉහළට

ඉන්ධන අර්බුදය නිසා පාරිභෝගිකයන්ට දරාගත නොහැකි ලෙස එළවළු සහ මාළු මිල ඉහළට

ඉන්ධන අර්බුදය නිසා පාරිභෝගිකයන්ට දරාගත නොහැකි ලෙස එළවළු සහ මාළු මිල ඉහළට

පවතින ඉන්ධන අර්බුදය හමුවේ එළවළු සහ මාළු මිල ගණන් පාරිභෝගිකයන්ට දරාගත නොහැකි තරමින් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

මේ වන විට එළවළු කිලෝවක තොග මිල රුපියල් 500කටත් වැඩි අගයක් ගන්නා අතර, ඇතැම් එළවළු වර්ගවල සිල්ලර මිල රුපියල් 1,000ක් පමණ වී ඇත.

එළවළුවල තොග මිල (22) දිනයේ ඉතා ඉහළ මට්ටමක පැවති අතර, බෝංචි කිලෝවක් රුපියල් 450ත් 500ත් අතර, තක්කාලි කිලෝවක් 600ත් 700ත් අතර, කැරට් කිලෝවක් රුපියල් 250ත් 280ත් අතර, ලීක්ස් හා ගෝවා කිලෝවක් රුපියල් 140ත් 160ත් අතර, අර්තාපල් කිලෝවක් රුපියල් 300ක් වැනි තොග මිලකට අලෙවි වූ බව වාර්තා වේ.

සිල්ලර වෙළඳසැල්වල තක්කාලි කිලෝවක් රුපියල් 1000ත් 1200ත් අතර, බෝංචි කිලෝවක් රුපියල් 550ත් 600ත් අතර, අර්තාපල් කිලෝවක් රුපියල් 360ක්, කැරට් කිලෝවක් රුපියල් 300ත් 400ත් අතර වැනි මිල ගණන් යටතේ අලෙවි විය. මේ අතර මාළු මිල ගණන් ද ඉහළ ගොස් ඇති අතර තලපත් කිලෝවක් රුපියල් රුපියල් 2,400ත් 2,800ත් අතර, කෙලවල්ලන් කිලෝවක් රුපියල් 2,200ක්, පරා මාළු කිලෝවක් රුපියල් 1,800ත් 2,000ත් අතර, ඉස්සන් කිලෝවක් රුපියල් 1,600ත් 1,800ත් අතර, සාලයන් කිලෝවක් රුපියල් 800ක් වැනි ඉහළ මිල ගණන් යටතේ අලෙවි කෙරිණි.

සීමාසහිත සමස්ත ලංකා විශේෂ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පොහොර නොමැතිවීම නිසා ගොවි ජනතාව වගා කටයුතුවලින් ඈත්වීමෙන් අස්වනු අඩුවීම මෙන්ම ඉන්ධන ගැටලුව හේතුවෙන් ප්‍රවාහන කටයුතුවලට බාධා ඇතිවීම හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ යාමට හේතු වූ බවයි.

මේ හේතුවෙන් වෙළඳපලට පැමිණෙන එළවළු ප්‍රමාණය අඩුවී ඇති අතරම, අලෙවි වන ප්‍රමාණයන්ද අඩුවී ඇතැයි හෙතෙම පැවසීය.

ගෑස් නොමැතිවීම හේතුවෙන් කුඩා ආපන ශාලා, හෝටල් වැසීයාම නිසාද එළවළු ආදිය අලෙවිවන ප්‍රමාණය අඩුව ඇතැයි කී සභාපතිවරයා එම හෝටල් විවෘතවීමෙන් පසු රට තුළ දැඩි එළවළු හිඟයක් මතුවිය හැකි බවද කීවේය.

Exit mobile version