Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 5ක් වටිනා කේරළ ගංජා කිලෝ 450ක ප්‍රමාණයක් සමග දෙදනකු අත්අඩංගුවට

කිලෝග්‍රෑම් 131ක කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කිලෝග්‍රෑම් 131ක කේරළ ගංජා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 450ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සපුගස්කන්ද ගෝනවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

කැලණිය හා ඒ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් සිදුකරන මහා පරිමාණ කේරල ගංජා ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තොරතුරු හෙළිකරගෙන කුඩා ලොරි රථයකින් කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ගෝනවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ෙඑම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කිරීමේදී හෙළි කර ගත් තොරතුරු මෙම ජාවාරම සිදුකරණ සැකකාරියගේ නිවසේ තිබී තවත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක පවසයි.

සැකකරු හා සැකකාරිය සන්තකයේ කේරල ගංජා පාර්සල් 200ට අධික ප්‍රමාණයක් තිබී ඇත.

Exit mobile version