Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට G7 කණ්ඩායමේ සහන

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට G7 කණ්ඩායමේ සහන

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට G7 කණ්ඩායමේ සහන

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට සහන ලබා දීමට G7 කණ්ඩායම එකඟවී තිබේ.

G7 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ණය අර්බුදය හමුවේ මෙම සහනය ලබා දීමටය.

ශ්‍රී ලංකාවට දීර්ඝකාලීන විසදුම් සොයා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවද G7 කණ්ඩායම සදහන් කර තිබේ. ඊයේ සකස් කර ඇති මීට අදාළ කෙටුම්පත අද දිනයේදී අවසන් කිරීමට නියමිත අතර තවත් ධනවත් රටවල් මෙම වැඩපිළිවෙල සඳහා හවුල් කරගැනීමටද නියමිතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිලිවෙලට සහයෝග දැක්වීමටද G7 කණ්ඩායම සූදානම් බව එහි මුදල් අමාත්‍යවරුන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැගීමේදී චීනයට විශාල කාර්යයක් ඉටුකළ හැකි බවද G7 මුදල් අමාත්‍යවරුන් සදහන් කර ඇත.

Exit mobile version