Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අරගලකරුවන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් අගමැති රනිල්ද වගඋත්තරකරුවකු කරමින් මූලිික අයිතිවාසිකම් පෙත්සමක්

අරගලකරුවන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් අගමැති රනිල්ද වගඋත්තරකරුවකු කරමින් මූලිික අයිතිවාසිකම් පෙත්සමක්

අරගලකරුවන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් අගමැති රනිල්ද වගඋත්තරකරුවකු කරමින් මූලිික අයිතිවාසිකම් පෙත්සමක්

මයිනාගෝ ගම අරගලකරුවන්ට අවහිරවන පරිදි ‍වාහන නවතා මාර්ග බාධක යෙදීම, ශබ්ද විකාශන යොදාගනිමින් හිරිහැර කිරීම සම්බන්ධයෙන් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විරෝධතාකරුවන් විසින් ගොනුකළ මූලිික අයිතිවාසිකම් පෙත්සමට අගමැති රනිල් වික්‍රමසිංහද වගඋත්තර කරුවකු ලෙස නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණනය (13) අවසර දී තිබේ.

බුවනෙක අලුවිහාරේ, මෘදු ප්‍රනාන්දු සහ මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම (13) කැඳවනු ලැබීය

නිතීඥ ශානක සිල්වා, නිතීඥ සුනිල් වටගල සහ සමාජවාදී තරුණ සංවිධානයේ ප්‍රධාන සංවිධායක එරංග ගුණසේකර පිරිස පෙත්සම ගොනුකර තිබිණි. එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කොල්ලුපිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන, නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර, පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න යන නම්කරනු ලැබ තිබිණි.

මේ වනවිට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධූරයෙන් ඉවත්ව ඇති බැවින් අරලියගහ මන්දිරයේ නව පදිංචිකරුවා වන රනිල් වික්‍රමසිංහ වගඋත්තර කරුවකු ලෙස නම් කරන්න යැයි පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලීය.

Exit mobile version