Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තාවකාලිකව නිවාස සහ අමතර ආරක්ෂකයන් හයදෙනකු – ජනපති නිලධාරීන්ට උපදෙස්

උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තාවකාලිකව නිවාස සහ අමතර ආරක්ෂකයන් හයදෙනකු - ජනපති නිලධාරීන්ට උපදෙස්

උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තාවකාලිකව නිවාස සහ අමතර ආරක්ෂකයන් හයදෙනකු - ජනපති නිලධාරීන්ට උපදෙස්

ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් උන්හිටිතැන් අහිමිවු මැතිඇමතිවරුන්ට නාගරික සංවර්ධන අධිකාරියේ තලවතුගොඩ නිවාස සංකීර්ණයෙන් නිවාස තාවකාලිකව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස්දී ඇත.

මැති ඇමැතිවරුන් 55 දෙනකුට අයත් නිවාස ප්‍රචණ්ඩකාරීන්ගේ ප්‍රහාර වලින් සහ ගිනි තැබීම්වලින් පසුගිය දිනවල විනාශයට පත්විය. මෙයට අමතරව සෑම මන්ත්‍රීවරයෙකුටම අමතර ආරක්ෂකයන් හයදෙනකු ලබාදීමටද තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර ජනපති මන්දිරයේදී (14) පෙරවරුවේ පැවති හමුවේදී මේ බව අනාවරණය කෙරිණ.

Exit mobile version