Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව ආණ්ඩුවට සහාය නොදීමට නිදහස් පක්ෂය, පක්ෂ 10 කන්ඩායම, ජවිපෙ, ටීඑන්ඒ සහ සජබ තීරණය කරති

නව ආණ්ඩුවට සහාය නොදීමට නිදහස් පක්ෂය, පක්ෂ 10 කන්ඩායම, ජවිපෙ, ටීඑන්ඒ සහ සජබ තීරණය කරති

නව ආණ්ඩුවට සහාය නොදීමට නිදහස් පක්ෂය, පක්ෂ 10 කන්ඩායම, ජවිපෙ, ටීඑන්ඒ සහ සජබ තීරණය කරති

අගමැති රනිල් වික්‍රමසිංහ නියෝජනය කරන රජයක, කොටස්කරුවන් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්⁣ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

නව ආණ්ඩුවට සහාය නොදීමටත්, ආණ්ඩුවේ අමාත්‍ය ධූර නොගැනීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්ව සාකච්ජා පවත්වා මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට තිබේ.

මේ අතර පක්ෂ 10 කන්ඩායම ස්වාධීන ලෙස පාර්ලිමේන්තුවේ සිටීමට තීරණය කළ බව දන්වා ඇත. උදය ගම්මංපිල මහතා පක්ෂ 10 වෙනුවෙන් කියා සිටියේ රනිල් සමග වැඩ කිරීමට කැමැත්තක්නැති බවයි. මේ අතර ජවිප සහය නැති බව ඔවුන් පවසා තිබූ අතරම ටීඑන්ඒ සහය නොදෙන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසා තිබුණි.

පාර්ලිමේන්තුවේ බහුතරය හැදීමට රනිල් වික්‍රමසිංහ මහතා තමාටද ආරාධනා කළ බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඔහුට 113 සෑදිය හැකි බව පැවසුවේ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය. නමුත් තමා එක් නොවූ බවද පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කර ඇත්තේ තවදුරටත් ජනාධිපති ධුරයේ රැඳී සිටීමේ අරමුණ ඇතිව බවට සමගි ජන බලවේගය මේ අතර චෝදනා කර තිබුනි. මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කලේ.තම පක්ෂයේ කිසිවෙකුත් නව රජයට එක් නොවන බවයි.113 බහුතරය ජයගන්නා ලෙස ඔහු අභියෝග කලේය.

පෙනී යන ආකාරයට රනිල්ට සහය දෙන්නේ පොදුජන පෙරමුණේ කණ්ඩායම පමණි. ඔවුන් සමග රනිල් තනන්නේ පෙර රජයමය. අන්තර් කාලීන සර්ව පාක්ෂික ආණ්ඩු යන්නට අර්ථයක් නොලැබේ.

Exit mobile version