Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පිලිපීනයේ හිටපු ඒකාධිපතිගේ පුත්‍රයා බොන් බොන් මාර්කෝ ජනපති ධූරය

පිලිපීනයේ හිටපු ඒකාධිපතිගේ පුත්‍රයා බොන් බොන් මාර්කෝ ජනපති ධූරය

පිලිපීනයේ හිටපු ඒකාධිපතිගේ පුත්‍රයා බොන් බොන් මාර්කෝ ජනපති ධූරය

(09) පැවැති පිලිපීන ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට බොන් බොන් මාර්කෝ සමත්ව තිබෙනවා. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 06 දෙනෙකු ඉදිරිපත්ව සිටි අතර එහිදී වැඩි තරගකාරීත්වයක් පැවතුනේ බොන්ග් බොන්ග් මාකෝ සහ එරට වත්මන් උප ජනාධිපති ලෙනී රොබ්‍රෙඩෝ අතරයි.

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපලයට අනුව බොන් බොන් මාර්කෝ 55.8% ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් පිලිපීනයේ බලය තහවුරු කර ගැනීමට සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වත්මන් උප ජනාධිපති ලෙනී රොබ්‍රෙඩෝ ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 28% ක් වනවා.

බොන්ග් බොන්ග් මාකෝ යනු පිලිපීනයේ හිටපු ඒකාධිපති පාලක ෆර්ඩිනැන්ඩ් මාර්කෝගේ පුත්‍රයායි. මහජන මුදල් කොල්ල කෑ බවට චෝදනා එල්ල වූ ෆර්ඩිනැන්ඩ් මාකෝ 1986 පැවැති ජන කැරැල්ලකින් අනතුරුව බලයෙන් පහ කෙරුණා. කෙසේවෙතත් වසර 36කට පසු පිලිපීන ජනතාව විසින්ම යළීත් මාකෝ පවුලේ සාමාජිකයෙකුට එරට රාජය පාලනය භාරදී ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පෙන්වා දෙන්නේ.

Exit mobile version