Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නිධන් හාරමින් සිටි යුද හමුදා සෙබළෙක් ඇතුළු 10ක් අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

උඩවළව මළබොටුආර ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි බවට සැකකරන යුද හමුදා සෙබළෙක් ඇතුලු පුද්ගලයන් 10ක් උඩවළව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

උඩවළව පොලීසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව උඩවළව පොලීසිය මෙම වැටලීම කළේය. මළබොටුආර ප්‍රදේශයේ තේක්ක කැලේ දොළක් අයිනේ මෙම කැණීම් කරමින් සිටි බව පොලීසිය පැවසුවේය.සැකකරුවන් සන්තකයේ තිබී වතුර මෝටරයක්, උදලු, අලවංගු, තාච්චි, කඹ ඇතුලු කැණීම් උපකරණ කිහිපයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් යුද හමුදා සෙබළා නාරාහේන්පිට යුදහමුදා මහල් නිවාසවල පදිංචි හමුදා රෝහලේ සේවයේ කරන තිස් හැවිරිදි වියේ පසුවන හමුදා සෙබළෙක් බවද පොලීසිය පැවසුවේය.

සෙසු සැකකරුවන් නාරාහේන්පිට, බරවකුඹුක, බොරලැස්ගමුව, කොළඹ 05 සහ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. ඔවුන් අවුරුදු 45ත් 23ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන් බවද පොලීසිය කීවේය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. උඩවළව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version