Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හදිසි නීතිය පැනවූයේ ජන ජීවිතය සුරක්ෂිත කර සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීමටයි – ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

හදිසි නීතිය පැනවූයේ ජන ජීවිතය සුරක්ෂිත කර සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීමටයි - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

හදිසි නීතිය පැනවූයේ ජන ජීවිතය සුරක්ෂිත කර සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීමටයි - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හදිසි නීතිය පනවනු ලැබුවේ ජනජීවිතය සුරක්ෂිත කර සමාජ ස්ථාවරත්වය තහවුරු කිරීමේ අරමුණින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමත්, සාමාක්‍ය ජනජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමත් අරමුණු කර ගනිමින් ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පනවා ඇති බවයි.

මූල්‍ය සහන ලබාගැනීම සහ ණය ප්‍රතිව්‍යූවහකරණය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමුඛ ආයතන සහ මිතුරු රටවල් සමග සාකච්ඡා දැනටමත් ආරම්භ කර තිබෙනවා. එහි සාර්ථකත්වය පිණිස අවශ්‍ය ශක්තිය සහ විශ්වාසය ගොඩ නැගීමට දේශපාලන ස්ථාවරත්වය සහ සමාජ සාමය ප්‍රධානතම කොන්දේසි 02 ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

දින ගණනාවක් පුරා අගනුවර ඇතුළු රට පුරාම පාහේ සංවිධාන කෙරෙන ආවේගශීලී විරෝධතා ජනජීවිතයේ සුරක්ෂිතතාවයට බලවත් තර්ජනයක් එල්ල කර තිබෙනවා. එබැවින් අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සහ පොදු ජනතාවට නිදහසේ ගමන්බිමන් යාම සහතික කිරීම යන කරුණු අරමුණු කර ගනිමින් මෙලෙස හදිසි නීතිය පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

හදිසි නීතිය පැනවූයේ අර්බුදය සමනය කිරීමේ කෙටිකාලීන පියවරක් ලෙසයි. දැනට උද්ගතව ඇති තත්ත්වය සමනය වූ වහාම හදිසි නීතිය ඉවත් කර ගැනීමට කටයුතු කරන බවයද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Exit mobile version